Windows 8.1 කියන්නේ අලුත්ම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය උනාට තවමත් Windows 8 ගොඩක් දෙනෙක් භාවිතා කරනවා. ඉතින් මේ කියන්න යන්නේ Windows 8 මෙහෙයුම් පද්ධතිය Windows 8.1 වගේ සරසන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ Windows 8 මෙහෙයුම් පද්ධතියට Windows 8.1 වගේ බාහිර පෙනුමක් අරගන්නේ කොහොමද කියන එක... ඔයාලා දැකලා ඇති Windows 8.1 එකේ Taskbar එක මුලින් Windows Logo එක තියෙනවා. ඒවගේම Desktop Wallpaper එක Start Menu Background එකටත් දාන්න පුළුවන්. මම මෙතනදී ඉදිරිපත් කරන්නේ පොඩි Software Tools තුනක්. එකක් තමා Start Menu 8... අනික තමා Windows 8 Start Screen Customizer . මේ Tools දෙකෙන් පුළුවන් අර කලින් කිව්ව Windows 8.1 වගේ බාහිර පෙනුමක් අරන් දෙන්න. ඒවගේම Winaero Glass කියන තුන්වෙනි එකෙන් පුළුවන් Windows 7 වගේ Window Border එක විනිවද පේන විදිහට හදාගන්න.

Step 1 : Download Start Menu 8

මුලින්ම ඔයාලා මේ Download Link එකෙන් Start Menu 8 අරගන්න.


Download Start Menu 8

දැන් ඒක සාමාන්‍ය Setup එකක් Install කරන විදිහට Install කරගන්න. Install කරාට පස්සේ ඒක පෙනෙන්නේ ම් විදිහට...

Step 2 : Change Start Menu Settings

Interface එක දැක්කහම තේරෙනවා වැඩේ ලේසී කියලා. ඔයාලාට තියෙන්නේ නිකම්ම Settings හදන්න. මේකේ Windows 8.1 විතරක්ම නෙමේ... Windows 7 විදිහට උනත් Start Menu එක හදාගන්න පුළුවන්. මේ Settings Window එක Close කරාම ආපහු ගන්නනම් Windows Start Logo එක උඩ Right Click කරලා Settings තෝරන්න. Start Menu එකේ Size එක හදන්න, Windows Start Logo එක වෙනස් කරන්න, Profile එක හදාගන්න, Start Menu General Buttons උනත් වෙනස් කරන්න මේකෙන් පුළුවන්.


Step 3 : Donwload Windows 8 Start Screen Customizer

දැන් බලමු Start Menu Background එක මාරු කරන විදිහ. සාමාන්‍යෙයන් Windows 8 එකේ එන ‍Backgrounds ඇරෙන්න වෙන ‍Backgrounds දාන්න හැකියාවක් නෑ.

ඒත් Start Menu Background වලින් පුළුවන් මේ වැඩේ කරන්න.


Download Start Screen Customizer

Steup එක Downlaod කරගෙන Install කරගන්න. දැන් ඒක Open කරන්න. එකතොට පෙනෙයි මේ විදිහේ Window එකක්.

Step 4 : Change Start Screen background

මේකෙත් වැඩකරන එක හරිම පහසුයි. Load Picture දෙන්න. එතකොට එනවා Image එකක් තෝරන්න. ඔයාට කැමති හොඳ Resolution තියෙන Image එකක් තෝරන්න. දැන් Size එක හදන්න පල්ලෙහා විදිහේ Square එකක් Image එක උඩ පෙන්නයි. ඒකෙන් Scale එක හදාගන්න.

Apply & Save දුන්නහම වැඩේ ඉවරයි. එතකොට මේවිදිහට Start Screen background එක Change වෙලා තියෙයි. හැබැයි මේ Application එක Hide කරලා තියන්න අමතක කරන්න එපා. Hide බටන් එක තේරුවහම ඒක Hide වෙයි. ඒ වගේම Computer එක Restrat කරනකොටත් දිගටම මේක හිටින්නම් Run at Startup දෙන්න.


Step 5 : Download Winaero Glass

Winaero Glass එකෙන් පුළුවන් Windows 7 වගේ Window Border එක විනිවද පේන විදිහට හදාගන්න.


Download Winaero Glass

Step 6 : Run Winaero Glass

Install කරන්න දෙයක් නෑ. EXE File එක උඩ Double Click කරපු ගමන්ම වැඩේ ඉවරයි. එතකොට මේ විදිහට Window Border පෙනෙයි.


Step 7 : Remove Winaero Glass

Winaero Glass එක Unstall කරන්න දෙයක් නෑ. ඒක නිකන්ම Run වෙන Application එකක්. ඒ හින්දා ඒක End Task දෙන්නයි තියෙන්නේ. End Task කරත් මේක නවතින්නේ නෑ. ඒ හින්දා කරන්න තියෙන්නේ Logout වෙන එක. Start Menu එකට ගිහින් Profile Image එක උඩ Click කරලා Sign Out දෙන්න. එතකොට ආයේ එයි User List එකට... Profile තෝරලා ආපහු Log වෙන්න. එතකොට හරි.