Turbo Pascal කියන්නේ 1970 කියන කාලයේ නිර්මාණය කෙරුණු වැඩසටහන් සම්පාදන මෙවලමක්. ඇත්තටම මේක හරිම ලේසි කේත ක්‍රමයක්. ඕනෑම කෙනෙක්ට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම තමා Programming වලට අවතීරණ වෙන ඕනෑම කෙනෙක්ට හරි පහසුවෙන් තේරුම් අරගෙන මීට වඩා සංකීර්ණ Programming Language එකකට යන්න උපකාරී වෙනවා. ඒ කියන්නේ ආධුනික ඕනෑම කෙනෙක්ට Programming කලාව පටන්ගන්න හොඳම ක්‍රමයක් තමා Pascal කියන්නේ... Niklaus Wirth කියන මහත්මයා තමා මේක නිර්මාණය කරලා තියෙන්නේ...
Pascal දකින ඕනෑම කෙනෙක්ට පරිගණක ඉතිහාසය මතක් කරවන සුළුයි. මොකද මේකේ Interface එක දැක්කහම හරියට නිකං Console Gaming Interface එකක් වගේ.... අලිම අලි Pixels වලින් තමා Interface එක Design කරල තියෙන්නේ... පල්ලෙහායින් තියෙන්නේ Interface එක තමා... මේක Open Source මෘදුකාංගයක්... ඒ වගේම පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් සෙටප් එකත් අරගන්න පුළුවන්... වැඩිය ලොකු නෑ 3MB ක් විතර...
දැන් බලමු Programming කරන විදිහ... පල්ලෙහායින් තියෙනවා උදාහරණයක්... හැම Program එකකම මුලින්ම program කියලා කොටසක් එන්න ඕනෑ... ඇත්තටම Pascal කියන්නේ Case Sensitive Language එකක් නෙමෙයි. ඒ කියන්නේ Capital, Simple වලින් බලපෑමක් කෝඩිංවලට නෑ කියන එකයි... ඒ වගේම Program එකට නමක් ඊට ඉස්සරාහින් දෙන්න ඕනෑ... හැම පෝලිමකට අවසානයට ; (තිත් කොමාව) දාන්න ඕනෑ... Program එක ආරම්භයට begin කියලත් අවසානයට end. කියලත් ඒන් ඕනෑ... end එකේ නැවතීමේ තිතක් ඕනෑමයි. ඒවගේම අර තිත් කොමාව මේ begin සහ end. වල අගට දාන්නේ නෑ... ඒකොට Calculations වගේම අනික් Operations ඔක්කෝම එන්නේ මේ begin සහ end. කියන අතර මැදට...
program myprogram;
begin
end.
ඔන්න සරළ කේත ටිකක් ලියන්නයි යන්නේ... මුලින්ම බලමු විචල්‍යයක් (Variable) එකක් දෙන්නේ කොහොමද කියලා... විචල්‍යය හඳුන්වා දෙන්න ඕනෑ program සහ begin අතර මෙන්න මේ විදිහට... ඒවගේම ඒවාට අගයන් ආදේශ කරකොට := ලකුණ භාවිතා කරනවා... ඒ ආදේශ කිරීම begin සහ end. අතර මැද තමයි කරන්න ඕනෑ...
program myprogram;
var A:srting;
var B:srting;
begin
A:='MY FIRST PASCAL PROGRAM !';
B:=2016;
end.
ඒවගේම තිරම මත මොකක් හරි ලියවෙන් ඕනෑ නම් writeln('') කියන කේතය යොදා ගන්නවා...
program myprogram;
var X:srting;
begin
A:='MY FIRST PASCAL PROGRAM !';
writeln(X);
end.
Tool Menu එකේ Run > Run විධනය දුනහම වැඩසටහන ධානවය වෙනවා... හැබැයි ඔයා මේක Run කරාට පෙන්නනේ නෑ මොකද මේක Run වෙන්නේ DOS වගේ Command Line Interface එකක් උඩ. Program එක Run වෙච්ච ගමන්ම Close වෙලා යනවා වෙන්න තියෙන ඔක්කොම Calculates ටික වෙලා... Program එක Run වෙලා නවත්ත ගන්නනම් පෙඩි උපක්‍රමයක් ඕන වෙනවා... ඒ තමයි read(); කියන කේතය මේ read කියන කේතය වැඩසටහනේ අගට දුන්හම Program එක Run කරන කෙනාට අගයක් ඇතුල් කරන්න ඉඩ ලබා දෙනවා... ඒ කියන්නේ මේ read(); කේතයෙන් පුළුවන් Calculations වලට අවශ්‍ය අගයන් Run වෙනකොටම ආදේශ කරන්න. ඒත් මෙතන දී මේක පාවිච්චි කරන්නේ අතර මැදින් වැඩසටහන නවත්තගෙන Outputs බලාගන්නයි... Read කරන්න ඕනෑ ඒකටත් Variable එකක් දෙන්න ඕනෑ... මෙන්න මේ විදිහට...
program myprogram;
var X:srting;
var Z:srting;
begin
X:='MY FIRST PASCAL PROGRAM !';
writeln(X);
read(Z);
end.
දැන් වැඩසටහන ධාවන කරාම මේ විදිහට බලාගන්න පුළුවන්... ඒවගේම මොකක් හරි Type කරලා Enter කරොත් ආයේ Coding Page එකට එන්න පුළුවන්...
දැන් බලමු කොහොමද එකතු කිරීම අඩු කිරීම කරන්නේ කියලා... ඒකත් හරිම සරළයි... Variable විදිහට නැතුව writeln(5+3); වගේ දෙන්නත් පුළුවන්... හැබැයි මම කරන්න යන්නේ read(); එක භාවිතා කරලා ඇතුල් කරන අගයන් දෙකක එකතුව ගන්න... මේකෙ දී read(); එක මම තුන් පාරක් දානවා... මොකද, එකතු කරන්න ඕන කරන අගයන් දෙක ගන්න read(); කොටස් දෙකයි... අනික වැඩසටහන අර අතර මැදින් නවත්තගන්න... බලන්නකො ලියන විදිහ...
program myprogram;
var A:integer;
var B:integer;
var Z:integer;
begin
writeln('Enter two numbers to addition !');
read(A);
read(B);
writeln(A+B);
read(Z);
end.
වැඩසටහන ධාවනය කරාම මේ විදිහට පෙනෙයි...
මේ විහිදට කොඩ් කරගෙන ගන්න තමා තියෙන්නේ... Pascal හුඟක්ම Python වලට සමානකමක් දක්වනවා... පල්ලෙහායින් තියෙනවා Full Tutorial එක... හැබැයි English වලින් තියෙන්නේ... අරගෙන බලන්න...