ඔයාලා කම්පියුටරේක ෆයිල් එකක් ඩිලිට් කරොත්... මං කියන්නේ කුණු බක්කියට නෙමේ, සදහටම... එතකොට ඒක ගන්න තව විදිහක් තියෙනවා... ඒ තමයි File Recovery Software කියන්නේ... මුලින්ම ඔයාලා තේරුම් ගන්න ඕනෙ දෙයක් තියෙනවා. ඒ තමයි ෆයිල් එකක් Permanently Delete කරා කියන්නේ හාඩ් ඩිස්ක් එකෙන් ගියා කියන එක නෙමේ. System එකයි ඒ File එකයි අතර සම්බන්ධතාවය නැති වෙනවා විතරයි. හැබැයි පුතෝ ඔයා තව ෆයිල් එකක් කොහෙට හරි කොපි කරොත් හරි මූ කරොත් හරි අර Permanently Delete කරපු ෆයිල් එකේ Dataවලට හානි වෙන්න පුළුවන්... ඒ හින්දා Delete කරපු සැනින් ගන්න ෆයිල් හුඟක් හොඳ තත්වෙන් ගන්න පුළුවන්... නැත්තම් ඉතින් සිංදු කෑලි, වීඩියෝ කෑලි කලවම් වෙලා අච්චාරුවක් තමා ඉතිරි වෙන්නේ.. මොකද ඒ Permanently Delete කරපු ෆයිල්වල වගකීම කම්පියුටර් එකෙන් ගන්නේ නෑ... Permanently Delete කරපු ෆයිල් එක ඇත්තටම Delete වෙන්නේ අලුත් ෆයිල් එකක් හාඩ් ඩිස්ක් එකේ අදාළ තැනටම කොපි උණොත් විතරයි (මං කිව්වේ අදාළ Folder එක නෙමේ... දෙයියොයි, කම්පියුටරෙයි තමයි දන්නේ අලුතෙන් දාන ෆයිල් එක හාඩ් එකේ තොතනටද කොපි වෙන්නේ කියලා... ඒහින්දා Permanently Delete වුන සැනින් ආයේ ඕනෙනම් ගන්න එක ඇඟට ගුණයි.)
ආ දැන් තේරුණා නේ වැඩේ... මේ තියෙන්නේ Recuva File Recovery Software එකේ ඉන්ටෆේස් එක...
වැඩේ වෙරී ඊසී... මුලින්ම එන Wizard එක Close දෙන්න... එතකොට ඔයා උඩින් තියෙන තැන ඉඳී... ඊට පස්සේ සර්ච් කරන්න ඕන Partition එක තෝරන්න... පෙන් එකක් උණත් පුළුවන්...දැන් ෆයිල් වර්ගේ තෝරන්න... වර්ගයක් නැතුව නිකම්ම හරි සර්ච් දෙන්න පුළුවන්... ඔන්න මම වීඩියෝ තෝරලා සර්ච් දුන්නා... පල්‍ලෙහා විදිහේ රිසල්ට් එකකුත් ආවා...
මේ රිසල්ට් එකේ කොල පාටට තියෙන ෆයිල් හොඳම තත්ත්වේ ඒවා... තැඹිලි ලාවට හොඳයි... රතු පාට කියන්නේ ගන්ඩ දෙයක් නෑ (දුර්වලයි) කියන එක... ඕන ෆයිල් වලට අයිනේ හරි ලකුණ දාලා Recover දෙන්න... එතකොට සේව කරන්න තැනක් අහයි... ඔයා දෙන්න ඕනේ සර්ච් කරපු Partition එක නැතුව වෙන එකක් එතකොට ඒක හුඟක් සාර්ථකයි.