මේ කියන්න යන්නේ දැනට වැඩි දෙනෙක් භාවිතා කරන File Format Converting Software එකක් ගැන... ඒ තමා Format Factory... File Format එක කියන්නේ මොකක් හරි ගොනුවක ගොනු වර්ගය (ගොනු දිගුව) ට. උදාහරණයක් ගත්තොත් ඡායාරූපයක සාමාන්‍යෙයන් ගොනු දිගව JPG හෝ PNG වෙන්න පුළුවන්... ඉතින් මේ Format Factory එකෙන් කරන්නේ මේ විදිහේ ගොනු වර්ගය එකකින් තව එකකට පරිවර්ථනය කරන එකට... මේ පල්ලෙහායින් තියෙන්නේ ඒ විදිහට Format Factory හරහා පරිවර්ථනය කරන්න පුළුවන් ගොනු වර්ග...
ඒ වගේම මෙ පල්ලෙහා තියෙන Mobile Devicesවලට ගැලපෙන විදිහටත් Convert කරන්න පුළුවන්...
Sony PSP & PS3, Apple iPhone & iPad, Aigo, Aniol, Archos, ASUS, Creative, Gemei, Google, HTC-Dopod, iRiver, LG, MeiZu, Microsoft, Motorola, Newsmy, Nokia,Onda, OPPO, Philiphs, RIM BlackBerry, Ramos, Samsung, SonyEricsson, Teclast
මීටත් අමතරව මෙකෙන් කරන්න පුළුවන් තවත් වැඩ කීපයක්ම තියෙනවා...
දැන් බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා... මුලින්ම මෙ පල්ලෙහා Link එකෙන් Software එක Download කරන්නකෝ...
දැන් සාමාන්‍ය Setup එකක් Install කරගන්න විදිහට ඔයාගේ PC එකට Install කරගන්න... ඊට පස්සේ ඔයාට පුළුවන් මේ විදිහේ Interface එකක් දැකගන්න...
(1) කොටසින් පෙන්වල තියෙන්නේ ඔයාට පරිවර්ථනය කරන්න පුළුවන් ගොනු වර්ග... Video, Audio, Picture, ROM Device\DVD\CD\ISO, Advanced කියලා ඒවා බෙදලා තියෙන්නේ ලෙසි වෙන්න... ඔයාට Convert කරන්න ඕන JPG ඡායාරපයක් PNG වලට නම්... Picture කියන කොටසේ All to PNG කියන එක හොයලා Click කරන්න... මෙතනදී ඔයා ලඟ දැන් තියෙන ගොනු වේ වර්ගය දැනගන්න ඕනෑ වෙන්නේ නෑ... ඔයාට ඔයාට Convert කරන්න ඕන වර්ගය තේරුවහම හරි... ඔන්න මම MKV වීඩියෝ එකක් කපලා FLV වලට Convert කරන්යි යන්නේ... බලන්නකෝ කරන විදිහ...
මෙනුවේ Video කොටසට ගිහින් All to FLV තේරුවා...
ඊලඟට එනවා පොඩි Window එකක්... එකේ Add File ගියා...
ඊලඟට එන Opern File Dialog එකෙන් ඕනෑ කරන File එක තෝරලා open දුන්නා...
දැන් අර පොඩි Window එකට ඒ File එක Add වෙලා තියෙයි.. ඒ File එක Select කරලා Option ගියා..
දැන් මම වීඩියේ එකේ Seek bar එකෙන් මට ඕන තැනට ගෙනහිල්ලා වීඩියෝ එක Stop කරනවා... ඊලඟට ඒක නැවතිලා තියෙන තැනින් එහෙම්මම තියලා Start Time ඔබනවා....
එතකොට ඒක නැවතිලා තියෙන තැන වෙලාව Start Time එකට Add වෙනවා...
දැන් ඒ විදිහටම වීඩියෝ එක ආයේ ඕන තැනින් නවත්තලා End Time දෙනවා...
එතකොට වීඩියෝ එක කැපිලා ඉතිර් වෙන්නේ මුළු වීඩියෝ එකේ 00:33:26 ඉඳලා 00:34:00 වෙනකම් විතරයි... දැන් ඒ Window එකේ OK එක ඔබනවා... දැන් කලින් පොඩි Window එකටත් OK දෙනවා...
දැන් ඒ වීඩියෝ එක List එකට Add වෙනවා... උඩින් තියෙන Strat බටන් එක එබුවහම Convert වෙනවා...
Convert වෙලා ඉවර උනාම උඩ තියෙන Output Folder එක ඔබනවා...
වැඩේ ගොඩ.......