ඔන්න ඉතින් සමහර අයට Computers, Android Phones තිබ්බට Internet Connection නැ. සමහර වෙලාවට Internet Connection තිබ්බට ඕනවෙලාවට නෑ... ඒවගේ වෙලාවට තමා Android Phone එක Dongle එකක් උනානම් හොඳයි කියලා හිතෙන්නේ. දැන් කියලා දෙන්න යන්නේ Android Phone එක Dongle එකක් විදිහට හදාගන්නේ කොහොමද කියලා. හැබැයි ඉතින් Dongle එකක් තරමටම Internet Speed නෑ. කම්පියුටර් එක ලඟ ජනේලයක් වගේ තියෙනවනම් හොඳයි. මේ වැඩේට Software දෙකක් ඕනා. එකක් PC එකට, අනිත් එක Android Phone එකට. Phone එක Root කරන්න ඕනෑ වෙන්නේ නෑ. මේ Software එකට කියන්නේ Easy Tether කියලා.

Step 1 : Download Easy Tether

Download Easy Tether

Easy Tether අරගන්නකෝ... WinRAR ෆයිල් එකක් තියෙන්නේ... ඒක Extract කරහම ෆයිල් දෙකක් තියෙයි. එකක් PC එකට, අනිත් එක Android Phone එකට... PC එකටයි, Phone එක USB වලින් Copy කරලා ඒකටත් Install කරගන්නකෝ... පල්ලෙහා විදිහට...


Step 2 : Android Settings

දැන් තියෙන්නේ Android Phone එකේ Settings හදන්න... ඔයාගේ Phone එකේ Settings Delevoper Option වලට ගිහින් ඒක On කරලා, USb Debugging එකත් On කරන්න. පල්ලෙහා විදිහට... කොහොමත් මේවා හරියට On කරේ නැතතම් Tether එකෙන් පෙන්නලා දෙනවා...

දැන් යන්න Easy Tether App එකට... එකේ තියෙනවා USB කියලා තැනක්... ඒකට හරිය දාන්න. මතක්කරලා Phone එකේ Data Connection ඔන් කරලා තියන්න.


Step 3 : Computer Settings

දැන් බලන්න ඔයාගේ PC එකේ Notification Are Icons වල Easy Tether තියෙනවද කියලා. ඒක උඩ Right Click කරලා Device එකට හරිය දාන්න. සමහට විට Auto Connect උනොත් Connected කියලා මැසේජ් එක නිකම්ම වැටෙයි.



Step 4 : Close Connection

ඔන්න දැන් PC එකට Internet තියෙනවා... දැන් බලමු කොහොමද මේක Off කරන්නේ කියලා. ආයෙත් අර Notification Are Icons වල Easy Tether කියන අයිතමය උඩ Right Click කරලා Close Connection දෙන්න එතකොට හරි. ආයෙත් Internet යන්නනම් කලින් වගේම Icon එක උඩ Right Click කරලා Device එකට හරිය දාන්න.