ටික කාලෙකට කලින් ඔයාලා පාවිච්චි කරේ Windows 7 වෙන්න ඇති. ඒකේදී නම් මේ ප්‍රශ්ණය එන්න විදිහක් නෑ. .NET කියන්නේ Computer එකට ඕනෑ කරන Windows Feature එකක්. සමහර Software වගේම හුඟක් Games ගහන්නනම් මේක නැතුවම බෑ. ඔයාලාට වැඩිපුරම අවශ්‍ය වෙන්නේ .NET 3.5 කියන එක... .NET 3.5 කියන එක ඇතුලේ .NET 2.0 සහ .Net 3.0 කියන දෙකම තියෙනවා. ඔයාලා .NET 3.5 නැති කම්පියුටර් එකක VB Programme එකක් එහෙම ඔන් කරන්න හැදුවොත් .NET 3.5 නැති බවත්, ඒක Online Download කරගන්න විධානයකුත් සපයනවා. ඕනෑ කෙනෙක්ට Internet තියෙවනම් මේක මෙතනින්ම Install කරගන්න පුළුවන්. නැතිනම් තව විධි දෙකක්ම තියෙනවා. එකක් තමා Windows 8 OS DVD එක හා Commad Prompt එක භාවිතා කරලා... අනික තමා Windows 8 OS DVD එක හා .NET Offline Installer එක භාවිතා කරලා... දැන් බලමු මේ දෙකම කරන විදිහ.
මුලින්ම ඔයා Windows 8 OS DVD එක දාන්න ඔයාගේ DVD Rom එකට.. දැන් ඉන්න DVD එක My Computer එකට Load වෙනකම්... ඒ කිව්වේ ඒක පල්ලෙහා විදිහට My Computer එකේ පේනකම්...
මේ පල්ලෙහායින් තියෙනවා Code එකක්. ඒක Notepad එකකට Copy කරගන්න. ඊටපස්සේ හොඳට බලන්න පල්ලෙහායින් තියෙන Notepad එකක Image එක. ඒකේ Select කරලා Letter එක වෙනුවට ඔයාගේ DVD Rom Letter එක දාන්න.
DISM /Online /Enable-Feature /FeatureName:NetFx3 /All /LimitAccess /Source:F:\sources\sxs
දැන් යන්න Start Menu එකට ඒකට ගිහින් Command Prompt එක Run As Administrator දෙන්න.
දැන් අර Code එක Copy කරගෙන Command Prompt එක උඩ Right Click කරලා Paste දෙන්න. (මොකද Command Prompt එකට Ctrl + V වැඩ කරන්නේ නැති නිසා...) ඊට පස්සේ Enter Key එක ඔබන්න. එතකොට පල්ලෙහා විදිහට 100ට පිරෙයි.
.NET 3.5 Install වෙලා ඉවර වෙනකොට මේ විදිහට පෙනෙයි. එතකොට වැඩේ ඉවරයි.
මෙතනින් .NET Offline Installer එක Download කරගන්නකෝ. Install කරන්න දෙයක් නෑ. නිකම්ම Open කරාම ඇති. එතකොට පෙනෙයි මේ වගේ...