ඔයාලත් කන පැලෙන්න Films බලලා ඇති... ඒ එක්කම සිංහල උපසිරැසි දාගෙන බලලත් ඇති. ඒත් දන්නවද කොහොමද ඒ Subtitle File එකක් හදන්නේ කියලා.. ඔන්න අහගන්න... වැඩේ ලේසි උනාට පොඩි වැඩේ සියපාරටත් වඩා කරනකොට එපා වෙනවා... ඒත් ඉතින් ඕව හදන්න ඒවගෙ වෙහෙසෙන්නම වෙනවා... මේ කරන්නේ Notepad එකෙන්... අදාළ දෙබසට වෙලාව දෙන එකයි කරන්නේ... මේ පල්ලෙහා තියෙන්නේ ඒ විදිහේ ෆයිල් එකක් Open with Notepad දුන්නහම පේන විදිහ....


පල්ලෙහා තියෙන එක්සාම්පල් එක බලන්න...

1
00:00:01,545 --> 00:00:04,253
Subtutle Text


මේකේ 1 කියලා තියෙන්නේ ඒ වාක්‍යයේ අංකනය... ඒ කියන්නේ කීවෙනි සබ්ටයිට්ල් පේලියද කියන එක ඒක 1,2,3,4 විදිහට ෆල්ම් එකක Subtitles එකක් වගේනම් 2000ක් විතර යනවා... ඇයි ඔක්කොම ඩයලොග්ස්වලට එක ගානේ එපායෑ...

00:00:01,545 --> 00:00:04,2533 කියලා තියෙන්නේ ඒ පද පේලිය දක්වන්න ඕන වෙලාව පිළිවෙලින් පැය, විනාඩි, තත්පර, මිලි තත්පර විදිහටයි බෙදලා තියෙන්නේ අපි පද පේලියක් දාන්නනම් හරියටද දැනගන්න ඕනා ඒක වැටෙන්න ඕන වෙලාව KMPlayer වගේ එකක වීඩියෝ එක ප්ලේ කරලා.... පද පෙලිය කියන්න කට අරිනකොටම වීඩියෝ එක නවත්තලා (Spacebar එකෙන් ලේසී) වෙලාව බලනවා... ඒ වෙලාව දීලා තමයි සබ් ෆයිල් එක ලියන්නේ... කලින් කිව්ව උදාහරණේ ඒ පද පේලිය පෙන්නන්නේ 00:00:01,545 කියන වෙලාවේ ඉඳලා 00:00:04,253 වෙලාව වෙනකම් විතරයි... Subtutle Text කියන්නේ එතකොට වැටෙන දෙබස...

ඔය විදිහට ඉතින් නවත්ත නවත්ත සබ් දාන්න ගියාම පණ යනවා තමයි... හැබැයි වෙන කරන්න දෙයක් නෑ.... තියෙන ලේසිම වැඩේ තමා... ඔයා සිංහල සබ් දාන්න ආසනම්... ඒ ෆිල්ම් එකේ ඉංග්‍රීසි Subtitles ෆයිල් එක අරගෙන Open With : Notepead දීලා ට්‍රන්ස්ලේට් කරන එක...

Subtutle Text කියලා තියෙන්නේ ප්ලේවෙන වාක්‍යය... ඔයාලා ඒක ටයිප් කරන්න සිංහල වගේ යුන්කෝඩ් දානවානම් මතක්කරලා නොට්පෑඩ් ෆයිල් එක සේව් කරන තැන Encoding : Unicode කියලා දෙන්න... එතකොට සිංහල පෙන්නයි... නැත්තං සිංහල වෙනුවට හිටින්නේ ප්‍රෂ්ණාර්ථ ලකුණු ගොඩාරියක්... සේව් කරනකොට කැමති නමක් එක්ක අගට .srt කියලා දෙන්න (Name.srt) ඒවගේම File Type : All Files කියත් දෙන්න... ආ... දැන් සේව් කරන්න...